පොඩි මල් කැකුලු තැලිලා පොඩි වෙනවා.දවස් දෙක තුනක් උන්ගේ මූනු පොඩිති මූනුපොතේ එහාට මෙහාට ශෙයා වෙනවා.එච්චරද?
පොඩි වෙච්ච මල් කැකුලු ගැන කතා කරන වෙලාවේ තව මල් කැකුලකට ඒ ඉරනම අත් නොවෙන්න වග බලා ගත්තොත් මොකද?
- ළමා අපචාර වලට හේතු එකකට වඩා වැඩියි තමයි. ඒත් සමාජයේ හුඟ දෙනෙක් ගේ නොදැනුවත්කම එහෙමත් නැත්නම් වැරදි දැනුවත්කම් ලොකුම හේතුවන් නෙවෙයිද?
- ළමා ලිංගික අපහරණය ගැන ගැඹුරට කතා බහ නොවෙන්නෙ ඇයි?
- හුඟක් වෙලාවල වෙනවා වගේ මේ ගැන තියෙන මිත්යා මත අපි දුරු කරගන්නෙ කවදද?
- ලමා ලිංගික අපයෝජකයෙක් කියන්නෙ බොහෝ විට( හැම විටම නෙවෙයි ) ඔහුට හෝ ඇයට සමීප කෙනෙක් විය හැකිද?
- ළමා ලිංගික අපයෝජකයෙක් කල්තියා හඳුනා ගත හැකිද?
- අපයෝජකයා පිරිමියෙක්ම විය යුතුද?
- අපයෝජනයට ලක්වන්නේ ගැහැනු ළමුන් පමනක්ද?
- අපයෝජනයක් සිදුවී ඇති බව දැනගත් විට?
No comments:
Post a Comment