Tuesday, September 15, 2015

ළමා ලිංගික අපහරණය


 පොඩි මල් කැකුලු තැලිලා පොඩි වෙනවා.දවස් දෙක තුනක් උන්ගේ මූනු පොඩිති මූනුපොතේ එහාට මෙහාට ශෙයා වෙනවා.එච්චරද?
පොඩි වෙච්ච මල් කැකුලු ගැන කතා කරන වෙලාවේ තව මල් කැකුලකට ඒ ඉරනම අත් නොවෙන්න වග බලා ගත්තොත් මොකද?

  • ළමා අපචාර වලට හේතු එකකට වඩා වැඩියි තමයි. ඒත් සමාජයේ හුඟ දෙනෙක් ගේ නොදැනුවත්කම එහෙමත් නැත්නම් වැරදි දැනුවත්කම් ලොකුම හේතුවන් නෙවෙයිද?
  • ළමා ලිංගික අපහරණය ගැන ගැඹුරට කතා බහ නොවෙන්නෙ ඇයි?
  • හුඟක් වෙලාවල වෙනවා වගේ මේ ගැන තියෙන මිත්යා මත අපි දුරු කරගන්නෙ කවදද?
  • ලමා ලිංගික අපයෝජකයෙක් කියන්නෙ බොහෝ විට( හැම විටම නෙවෙයි ) ඔහුට හෝ ඇයට සමීප කෙනෙක් විය හැකිද?
  • ළමා ලිංගික අපයෝජකයෙක්  කල්තියා හඳුනා ගත හැකිද?
  • අපයෝජකයා පිරිමියෙක්ම විය යුතුද?
  • අපයෝජනයට ලක්වන්නේ ගැහැනු ළමුන් පමනක්ද?
  • අපයෝජනයක් සිදුවී ඇති බව දැනගත් විට? 
..........................................හැබෑට මොකද කරන්න පුලුවුන්?

Saturday, August 22, 2015

දැන්වත් අපි මේ ගැන පොඩ්ඩක් හිතල බලන එක හොඳයි නේද?

ළමා ලිංගික අපචාර කියලා කියන්නේ කතා බහට ලක් වෙන්නම ඕනේ මාතෘකාවක්.ඔබට දරුවන් හිටියත් නොහිටියත් කාගෙහරි දරු පැටියෙක් වෙනුවෙන් අපි ඒ ගැන දැනුවත් වෙන්නම ඕනේ.මොකද ලංකාවේ වගේ ම ලෝකය දිහා බැලුවත් මේ එන්න එන්නම වැඩි වෙන රැල්ලක් මිසක් අඩු වෙන එක් නෙවෙයි.
ඇත්තටම  ළමා ලිංගික අපචාර ගැන අපි කොච්චර දැනුවත්ද?  අවුරුද්දකට කලිනුයි මම මේ ගැන ලියන්න ගත්තේ. ඒත් බට්ටි ඉපදුනාට පස්සේ ඒ යුද්ධ අස්සේ මේක එහෙමමම මග ඇරුනා.
දැනටමත් පරක්කු වැඩිද මන්දා.අලුතින් ලියන්න වෙලාව නොතිබ්බත් ලියපු ටික සිංහලෙන් හරි කොටනව කියල හිතා ගත්තා.

  • ඇත්තටම ලමා ලිංගික අපචාර ගැන අපි දැනුවත්ද?
  • පහු ගිය සතිය හෝ මාසය ඇතුලත ලංකාවේ මේ වගේ අවාසනාවන්ත සිද්ධි කීයක් වෙන්නට ඇතැයි හිතුනද?
  •  එතකොටලෝකේ තත්වේ කොහොමද?
  •  අපිට එයින් එකක් හරි වළක්වන්න පුලුවන්කම තිබ්බද?
  • ඒ දරු පැටවු ඒ වගේ අවාසනාවන්ත ඉරනමකට ලක් වුනේ කාගේ වරදින්ද?
  • වැරද්දක් වුනාම කාට හරි ඇඟිල්ල දික් කරන එකනේ ලේසිම වැඩේ.ඒත් ඒ දරුවට ඒකෙන් සෙතක් වෙනවද?


දැන්වත් අපි මේ ගැන පොඩ්ඩක් හිතල බලන එක හොඳයි නේද?